ප්‍රධාන මැයි රැලි පැවැත්වෙන තැන්

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මැයි රැළිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට දී ආරම්භ වීමට නියමිත ය.එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධාන ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එම මැයි දින රැළිය පැවැත්වෙයි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීමට දිනයක්

නව වීසා ක්‍රමවේදයේ ගැටලු විසඳීම සඳහා මැයි 7 වන දින කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන විද්‍යුත් සංචාරක අවසර පද්ධතියෙන් ශ්‍රී ලංකාව මේ මස මැද භාගයේදී IVS-GBS සහ VFS Global විසින් මෙහෙයවන නව ප්‍රවේශයක් හඳුන්වාදී …

සිමෙන්ති මිල පහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට තීරණය කර තිබේ. එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම නව මිල …

badweather

රට පුරා කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) දිනට අදාළ කාලගුණ නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් …

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අඩු කර ඇත.ඩීසල් හා භූමිතෙල් සැලකිය යුතු ලෙස පහත දමා තිබේ.විශේෂයෙන් ඩීසල් මිල පහත හෙළීම නිසා ප්‍රවාහන වියදම් අඩුවීම තුළින් ජන ජීවිතයට තරමක හෝ සහනශීලී බලපෑමක් වනු ඇතැයි අපේක්ෂා …

මැයි දිනය අදයි

මැයි දිනය නමින් ප්‍රකට ජාත්‍යන්තර කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ.පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් නිමා වීම ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය සනිටුහන් කරයි.1886 වසරේ අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය තුළ සිදු වූ එම කම්කරු රුධිර ගලායාම පසුව එම දිනය ලොව …

arumasi-puwath

කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ. නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ …

සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි. ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව …

නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ …

Loading...

urumayaka asiriya

අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්

අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …

පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ

බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …

Loading...

ethera-methra

අප නොදන්න මැයි දින කතා

අද ලෝක කම්කරු දිනයයි. පාලක පංතිය හමුවේ කම්කරුවන් සතු බලය විදහා දක්වන දිනය අදයි. කම්කරු දිනය පිළිබඳ කතාව ආරම්භ කිරීමේ දී කවුරුත් පවසන දේ මෙය වුව ද සැබවින්ම සිදුවන්නේ මෙය ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි. එකම වැඩ බිමේ, එකම ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් වෙහෙස මහන්සි වන, දහඩියමුගුරු වගුරුවන කම්කරු ජනතාව එකී ගැටලු ජය ගැනීම සඳහා අද දිනයේ එකමුතු විය යුතුය. ඒ ගැටලු පාලක පන්තියට අවබෝධ …

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදාද?

රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.මේ වන විට එහි වාසිය ජනතාවට ක්‍රමයෙන් ලැබෙන නමුත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.රාජ්‍ය අමාත්‍ය වරයා එසේ කීව ද මෙම රුපියල ශක්තිමත් වීම යනු කුමක්ද ?යන්න අප රටෙන් වැඩි කොටසක් දන්නේ නැත.යම් පිරිසකට ඒ ගැන යම් දැනුමක් ඇතත් එය න්‍යායාත්මකව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත්තේ …

vinivida

රාවණ යනු ඉන්දියානු සංස්කෘතික පිල්ලියකි – ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා

ලංකාවේ රාවණ දේවාල බිහිවීම අලුත් ප්‍රවණතාවක් වුවත් ඉන්දියාවේ රාවණා වන්දනාමාන කරන සමහර ශිව දේවාල අතීතයේ සිට පවතී. විදිෂා දිස්ත්‍රික්කයේ කන්යාකුබ්ජ බ්‍රාහ්මණවරු රාවණාට නමස්කාර කරති. ඔවුන් රාවණා සමෘද්ධියේ සංකේතයක් ලෙස විදහා දක්වන අතර ඔහු ගැලවුම්කරුවෙකු ලෙස සලකන්නේ රාවණා ද කන්යාකුබ්ජ බ්‍රාහ්මණයෙකු බව පවසමිනි. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා දිස්ත්‍රික්කයේ නෙතාරන්හි රාවනග්‍රාම් ගම්මානයේ දහස් ගණන් කන්‍යාකුබ්ජ බ්‍රාහ්මණවරු රාවණ දේවාලයේ දිනපතා පූජා (නමස්කාරය) සිදුකරන අතර නයිවඩියම් / භෝග් (දෙවිවරුන්ට පූජා කිරීමේ …

ගල්ගමුවේ ඇත් පිළිරුව අබියස පැවැත්වෙන හරිත බක් මහ උළෙලේ සොඳුරු දසුන්(Update-3.25p.m)

නූතන සිංහල අලුත් අවුරුදු උත්සව ආකෘතියේ පැහැදිලි වෙනසක් සනිටුහන් කරමින් මිනිසා සහ සොබා දහම අතර පැවැතිය යුතු සනාතනික සබැඳියාව තහවුරු කිරීම අරමුණු කර ගත් හරිත බක් මහ උළෙලක් අද (28) පෙ.ව 9.00 සිට කොළඹ-කුරුණෑගල (ඇල්ල හරහා) අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව සමීපයේ පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය “ඇත් පිළිරුව” අබියස දී ආරම්භ විය.සෙනරත්ගම ඇතුළු අවට ගම්වාසීන් ගේ පූර්ණ සහයෝගයෙන් මෙම හරිත බක් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

කුඩා දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරක් – උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන

කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට සිරවීමේ වැඩි අවදානමක් පවතින්නේ රඹුටන් ගෙඩිය කටේ දමාගෙන සූප්පු කිරීමට දරුවන් වඩාත් කැමැත්තක් දක්වන නිසාය. මෙවැනි පලතුරු වර්ගවල ඇට පමණක් නොව පබළු, බොත්තම්, ප්ලාස්ටික් කැබලි, කුඩා නලා, බැටරි කෑලි වැනි කටේ දැමිය හැකි ඕනෑම දෙයක් කුඩා දරුවන් කටට දමා ගැනීම …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …

Loading...

rasagagula

“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …

/ රසගඟුල
vinivida

ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් …

/ රසගඟුල

Loading...

පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු …

/ පහන් ටැඹ
vinivida

උත්සව පවත්වන්න මත්පැන් ඕනමද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අලුත් අවුරුද්දක් ළඟ ළඟම එනවා. රට පත්වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා, බහුතරයකගේ ආර්ථිකය ඒ තරම් සරු නැති වුනත් හැමෝම වගේ තම තමන්ට පුළුවන් විදියට අලුත් අවුරුද්ද සිරිත් පරිදි සතුටින් සමරන්න තමයි උත්සාහ කරන්නේ. පුලු පුලුවන් විදිහට දෙමාපියන්ට දූ දරුවන්ට හිතවතුන්ට තෑගි බෝග දෙන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, රස කැවිලි ටිකක් හදාගන්න …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති. දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් …

වාස්තු දෝෂ මත නිවෙස් කඩා බිඳ දැමිය යුතු ද? හේම ශ්‍රී අමරසිංහ

වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් …

Loading...

error: Content is protected !!